කෙහෙළියටත් ඇප


හිටපු ජනාමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති විමලසේන රූපසිංහ හා හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන තිදෙනාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද රුපියල් පනස් දහස බැගින් මුදල් ඇප හා රුපියල් ලක්ෂ 25 බැගින් ශරිර ඇප නිමය කළේය.

පසුගිය මැතිවරණ සමියේ දී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට රුපියල් නව ලක්ෂයක ගැල්වනයිස් බට මිලදී ගෙන මහජන මුදල් අයථාලෙස පරිහරණය කැර ඇතැයි ඔවුන්ට විරුද්ධව චෝදනා ගොනුකැර ඇත. නඩුව සැප්තැම්බර් 02 දිනට කල් තැබිණි.