කෙහෙළියගේ යකඩ බට නඩුව විභාගයට


රූපවාහිනී සංස්ථාවට යකඩ බට මිලදී ගෙන පාඩුවක් සිදුකළැයි හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ගොනු කළ නඩුව නොවැම්බර් 13 වැනිදා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද තීරණය කළේය.

2014 දෙසැම්බර් මාසයේ රූපවාහිනී සංස්ථාවට අවශ්‍ය නොවන අවස්ථාවක ජීඅයි පයිප්ප 990ක් මිලදීගෙන රජයට රුපියල් 9,90,000 ක මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මෙසේ නඩු පවරා ඇත.