කෙහෙවලු පැටැලේ


කෙනෙහිලිකම් නිසා තම රාජකාරී ඉටු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත්  ඒ ගැන වගකිවයුත්තන්ට දැනුම් දී ඇති බවත්  රෝමයේ ශ්‍රී ලංකා තානාපති  කාර්යාලයයේ  උප තානාපති  රාණි බුලත්වෙල මහත්මිය එසැණට පැවසීය.

‘මා මෙතනට එන්නට පෙර  කොන්සියුලර් අංශය  බෙහෙවින් දුර්වල තත්ත්වයක තිබුණේ. ඒ  දිනවල ලංකාදීප එසැණ මේ දුර්වලතා ගැන අනාවරණය කළා. මා එයින් හොඳ වැටහීමක්  වැටහීමක් ලබාගෙන සෑම නිලධාරීයකුගේම සහායෙන්  මිනිසුන්ට හොඳ සේවයක් ලබා දුන්නා.ඉහළ නිලධාරීන් නිසා  මා පමණක් නොවේ  අනික් නිලධාරීන්ටත් ගැටළු  ඇති වෙලා.එක් නිලධාරිනියක් සදුදා පිටව ගියා. මට එන ෆැක්ස් පවා  බලන අය ඉන්නවා. ’

මේ ගැන විමසීමට  වැඩබලන තානාපති ගෝතමී ඉඳිකඩහේන මහත්මිය සම්බන්ධ කැර ගැනීමට  උත්සාහ කළත් එය සාර්තක නොවිය.

විදේශ ලේකම්  කරුණාතිලක අමුණුගම මහතා පැවසුයේ මේ ගැන තමන්ටද ආරංචි ලැබී ඇති බවයි.