(මනෝප්‍රිය ගුණසේකර)
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේභ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක් වංචා කිරිම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු වශයෙන් නම් කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට රටින් පිටවීම තහනම් කළ මාලිගාකන්ච මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය අද (2) උදේ 9.00 ට රහස් පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් දීමට ද ඊයේ (01) නියමස කළාය.
කෙහෙළිය රඹුක්වැල්ල මහතාට රටින් පිටව යෑම තහනම් කර ඇති බව ආගමන විගමන පාලකවරයාට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරිය ඔහු රටින් පිටව යෑමට පැමිණියහොත් අත්අඩංගුවට ගැනීමට ද නියම කළාය.

