
(රංජන් කටුගම්පොළ)
බාල බෙහෙත් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතව සිටින තමන්ට ඇප ලබා දෙන්නැයි හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ ඇප ඉල්ලීම පිළිබඳ තීන්දුව ප්‍රකාශ නොකිරීමට අභියාචනාධකරණ විනිසුරු පී.එච් සමරකෝන් මහතා මීට සුළු වේලාවකට පෙර තීන්දු කළේය.
ඉදිරි දිනවල තමා විශ්‍රාම යාමට සූදානම් නිසා මෙම නඩුවට අදාළ නියෝගය ලබාදීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බව ද විනිසුරුවරයා දැනුම් දුන්නේය.
මේ සඳහා සුදුසු තීරණයක් ගැනීම සඳහා එය අභියාචනාදීකරණයේ සභාපති විනිසුරුවරයා ට දැනුම් දෙන බව ද විනිසුරු පී.එච්. සමරකෝන් මහතා නියෝග කළේය.

