(මනෝප්‍රිය ගුණසේකර)
සී.අයි.ඩී අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මීට සුළු වේලාවකට කොළඹ මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරිමට රැගෙන ආහ.
මාලිගාකන්ද අධිකරණයේ ලබාදුන් නියෝගයකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය හිටපු අමාත්‍යවරයාගෙන් පැය 10කට වැඩි කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත්තේය.
බාල ප්‍රතිදේහක ඖෂධ බෙදා හැරීම සහ රජයට කෝටි ගණනක අලාභයක් කිරීම එරෙහිව ඔහු චෝදනා ලබා ඇත.

