කෙසෙල්වත්ත මහල් නිවාසයෙන් වැටී අයෙක් මරුට



 
 
නිමන්ති රණසිංහ
 
හැත්තෑපස් හැවිරිදි පුද්ගලයකු කොළඹ කෙසෙල්වත්ත සුරියමල්පුර මහල් නිවාසයේ හතරවැනි මහලෙන් ඇද වැටී මියගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය පවසයි.


මියගොස් ඇත්තේ යාපනයේ පදිංචිකරුවකු වන සුබ්‍රමනියම් තෙන්නකරුසු නැමැති පුද්ගලයෙකි.


සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.