කෙසෙල්ගමුව ඔයේ සිසුවෙක් සැඟ වේ


(රංජිත් රාජපක්ෂ)

කෙසෙල්ගමු ඔයේ ගිලි පාසල් සිසුවකු අතුරුදහන් වී ඇති බව නෝර්වුඩ් පොලිසිය පැවසීය.

මෙසේ දියේ ගිලි අතුරුදන් වී ඇත්තේ, නෝර්වුඩ් අයර්බි දෙමළ මහා විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි එස්.වාගීෂන් නැමති නොර්වුඩ් වත්තේ පදිංචිව සිටි පාසල් සිසුවෙකි.

අතුරුදහන් වී ඇති පාසල් සිසුවා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමග අද දින පස්වරුවේ නෝර්වුඩ් කෙසෙල්ගමු ඔයේ සිල්වර් වලේ පැන දිය නාමින් සිටියදී එක් වරම අතුරුදහන් වී ඇත.