කෙසෙල්ගමු ඔය පිටාර ගලා පහත්බිම් යටවෙයි


( රංජිත් රාජපක්ෂ)               

බගවන්තලාව මහඑළිය රක්ෂිතයට  ඊයේ  (18)  පස්වරුවේ සිට ඇද හැලුණු අධික වැසි  සමඟ කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔය පිටාර ගැලීමෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යට වී තිබේ.

පහත් බිම් රැසක් ජලයෙන් යට වීම නිසා බගවන්තලාව ප්‍රදේශයේ වතු යායන් ගණනාවකට පිවිසීමට තිබූ මාර්ග රැසක්ද ජලයෙන් යට විය.

මේ අතර, මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාව සහ තද සුළං තත්වය හේතුවෙන් නල්ලතන්නිය මරේ වතුයායේ සිට නල්ලතන්නිය දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් එම ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී ඇත.

ගස කඩා වැටීමත් සමග ත්‍රීරෝද රථයේ රියදුරා ඉන් පැන දිවි ගලවාගෙන ඇත.