දිලීප් ජයසේකර සහ චන්ද්‍රසේන ගමගේ
නියමිත පරිදි නියමිත වේලාවට අවුරුදු කෙසෙල් පොළ නොතැබීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව සූරියවැව කෙසෙල් ගොවීහු කියති.
සැම වසරකම අවුරුදු පොළ උදෑසන ආරම්භ වුවද අද එලෙස උදෑසන ආරම්භ නොවූ බව ගෝවීහු පවසති.
සූරියවැව කෙසෙල් කැන් තොග පොළ භූමියේදී තම අස්වැන්න කුණු කොල්ලයට මිලදී ගැනීමට අතරමැදි වෙළදුන් උත්සාහ ගත් බව ද ඔවුහු පවසති.
තොග පොළ භූමියේදී ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 25 ට මිල තීරණය වි තිබුණු අතර කෝලි කුට්ටු කිලෝග්‍රෑමයක මිල තීරණය වී තිබුණේ රුපියල් 50ත් 60 අතර මිලකටය. නිෂ්පාදන මිලවත් තමන්ට නොලැබෙන බව පවසමින් සූරියවැව කෙසෙල් වගා කරුවෝ අද දින වෙළඳුන්ට කෙසෙල් විකිණීම ප්‍රතික්ෂේප කළහ.
ගෝවීහු සිය ගණනක් මේ වන විටත් පොළ භූමිට වී සිටිති.
වසරක් තිස්සේ ගිණි අවුවේ වේලෙමින් වන අලින් සමග මාරාන්තික සටනක් කරමින් ජීවිතය ගැට ගසා ගන්නා තමන්ට එළඹෙන අලුත් අවුරුද්දේ දරු මල්ලන් සමග බඩ ගින්නේ ගත කරන්නට සිදුව ඇතැයි සූරියවැව ගොවි ජනතාව පවසති.
කෙසෙල් විකුණගන්න බැරිව සූරියවැව ගොවීහු සිය ගණනක් මහපාරේ
Recommended Articles