කෙසෙල් කැනටත් ලෙඩක් වැටෙයි


නුවරඑළියේ කෙසෙල් වගාවට දළඹුවකුගේ හානියෙන් කෙසෙල් වගාකරුවන් දැඩි අසීරු තාවයකට පත්ව ඇතැයි විදුලිපුර කෘෂිකර්ම උපදේශක එන්.පී.බී.හේරත් මහතා පැවැසීය.

නුවරඑළිය අඔගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හඟරාපිටිය ප්‍රදේශයේ අක්කර දෙකක පමණ කෙසෙල් වගාවට නව පලිබෝධිතයකු වන “ස්පිකර්” සමනලයා නොහොත් කෙසෙල් පත්‍ර රෝල් කරන දළඹුවාගේ හානිය සිදුවි ඇති බවත් එහි බලපෑමෙන් කෙසෙල් ගස බාලවීම හා කෙසෙල් කැන් කුඩා වීම දක්නට ලැබෙන බව ද කියති.
මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින ලෙසත් හානියක් ඇත්නම් වහාම විදුලිපුර කෘෂිකර්ම උපදේශක මහතාට දැනුම් දෙන ලෙසත් මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෙසෙල් වගාකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

web_201510271-LANKADEEPA-new

web3-L20151027ANKADEEPA-new

2-LANKADEEPA20151027-new-(1)