කෙල්ල කෙළසූ කොටි සුදා හිරේ


දහහතර හැවිරිදි දැරියක දූෂණය කිරීමට වරදකරු වූ යූ.ජී.සුසන්ත හෙවත් කොටි සුදා (38) වසර 19ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් 10,000ක දඩයක් දකුණු පළාත් බද මහාධිකරණ විනිසුරු කේ.බී.කේ.හිරිඹුරේගම මහතා නියම කළේය. දැරියට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ද විනිසුරුවරයා නියෝග කළේය. ඔහුට ආධාර හා අනුබල දුන් තිත්තගල්ල ගමගේ සුමනසේනට ද (40) වසරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් 10,000ක දඩයක් නියම කැරිණි.