කෙරවලපිටිය විදුලි බලාගාරයේ ටෙන්ඩරය ගැන සෙවීමට ඇමැති අනුකමිටුවක්


අජන්ත කුමාර අගලකඩ

කෙරවලපිටිය ඉදිරිකිරිමට යෝජිත මෙගාවොට් 300 ක අනාදෝලනාත්මක ස්වාභාවිත වායු විදුලි බලාගාර ටෙන්ඩරය චීන සමාගාමකට ලබාදීම සම්බන්ධයෙන් සොයා බැලීමට ඇමැති අනුකමිටුවක් කැබිනට් මණ්ඩලය විසින් පත්කරනු ලැබ ඇත.

එම කමිටුවට ඇමැතිවරයන්ට අමතරව, අමාත්‍යංශ ලේකම්වරයාත් කිහිපදෙනෙකු ද පත් කිරිමට අද (26) පැවැති කැබිනට් රැස්වීමේ දී තීරණය කර තිබේ.

ඒ අනුව රවී කරුණානායක, මලික් සමරවික්‍රම, පාඨලී චම්පික රණවක, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න යන ඇමැතිවරු ද, මුදල් විදුබල හා බලශක්ති ඇතුළු අමාත්‍යංශ කිහිපයක ලේකම්වරු ද එම කමිටුවට පත්කරනු ලැබ සිටිති.

අදාළ විදුලි බලාගාරය ඉදිකිරිමේ ටෙන්ඩරය චීන සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා සැළකිල්ලට ගනිමින් මෙම කමිටුව පත්කර ඇත.

එම කමිටුව ඒ පිළිබඳව විමර්ශන කර කැබිනට් මණ්ඩලය වෙත කඩිනමින් වාර්තාවක් ඉදිරිපත් කිරිමට නියමිතය.

එල්එන්ජී බලාගාරය ඉදිකිරිමේ ටෙන්ඩරය චීන සමාගමට පැවරීමට කැබිනට් මණෟඩලය මීට සති දෙකකට පමණ ඉහතදී තීරණය කර තිබිණි.