කෙන්යාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබදතා නව ක්ෂේත්‍ර ඔස්සේ ශක්තිමත් කර ගැනීමට දෙරටේ නායකයෝ එකඟවෙති.
කෙන්යාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතා අතර නිල හමුව අද (15) දහවල් සිදු වූ අතර එහි දී නායකයෝ මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
කෙන්යා ජනාධිපති මන්දිරය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
සුහද කතාබහකින් පසුව රාජ්‍ය නායක දෙපළ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වූහ.




