කෙඩෙට් නිලධාරියගේ ගිනි අවිය උදුරාගත් දෙන්නෙක් අත්අඩංගුවට


(ඩී.කේ රත්න)


දියතලාව යුද හමුදා පුහුණු පාසලේ ඇකඩමියේ පුහුණුව ලබන කෙඩෙට් නිළධාරියෙකුගේ ගිනි අවියක් උදුරා ගැනීමට තැත්කළ බවට සැකපිට තරුණයන් දෙදෙනෙකු අද (18)  අත්අඩංගුවට ගෙන ඇතයි දියතලාව පොලීසිය පවසයි.


දියතලාව විහාරකැලේ ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිහතක තරුණයෙකු සහ එම ප‍්‍රදේශයේම පදිංචි වයස අවුරුදු විස්සක තරුණයකු දියතලාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


දියතලාව යුද හමුදා පුහුණු පාසලේ ඇකඩමියේ පුහුණුව ලබන කෙඩෙට් නිළධාරී පිරිසක් දියතලාව ප‍්‍රධාන මාර්ගයේ පුහුණුව පිණිස ගමන් කරමින් සිටියදී ත‍්‍රීරෝද රථයකින් පැමිණි මෙම තරුණයින් ගිනි අවියක් උදුරා ගැනීමට උත්සහ කළ බවට දියතලාව පොලීසියට ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.


මෙම සිදධියට සම්බන්ධ ත‍්‍රීරෝද රථයද දියතලාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.