( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රජය විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා අද (26) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා නීතීඥ සංගම් සභාපතිවරයා ඉදිරිපත් කළ එම පෙත්සමට මැදිහත් පාර්ශවයක් ලෙස තමන් ගොනු කළ අතරමැදි පෙත්සමට අදාළ ලිඛිත දේශන ගොනු කරමින් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා මෙම ඉල්ලීම කරනු ලැබීය.
නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සිය ලිඛිත දේශන වලින් පෙන්වා දී ඇත්තේ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් වී තිබෙන අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ තිබෙන්නේ සංගමයේ ව්‍යවස්ථාවට පටහැනිව බවත් ලමෙම පෙත්සම ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව කිසිදු අනුමැතියක් ලබා දී නොමැති බවත්යි.
මෙම පෙත්සම ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව කිසිදු අනුමැතියක් ලබා දී නැහැග ඒ බව අදාළ නඩු විභාගයේදී එම සංගමයේ උප සභාපති වරයෙක් ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විවෘත අධිකරණයේ අවධාරණය කරමින් කියා සිටිියේ. විධායක කමිටුවේ අනුමැතියකින් තොරව මේ ආකාරයෙන් නීතිඥ සංගමයේ සභාපතිවරයා විසින් පෙත්සමක් ඉදිරිපත් කිරීම එම සංගමයේ ව්‍යවස්ථාවට පටහැනි යැයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා කළ ඒම ලිඛිත දේශනයේ සඳහන්ය.
අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබීම එම සංගමයේ පරමාර්ථවලට පටහැනි බව ද ල නීතිඥවරු විශාල පිරිසක් මේ සම්බන්ධයෙන් උනන්දුවෙන් සිටින බවද එම ලිඛිත දේශනවල සඳහන්වේ.
නීතිඥ සංගමයේ මෙවැනි ක්‍රියා කලාපයන් හේතුවෙන් නීතිඥ ප්‍රජාවගෙන් අති බහුතරය කලකිරීමකට ලක්ව සිටීම නිසා තමයි මෙවැනි තත්ත්වයක් උද්ගතව තිබෙන හෙයින් ඉහත කී කරුණු සලකා බලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් , කරුණු වසන් කරමින්, ඉදිරිපත් කරනු ලැබ ඇති අදාළ පෙත්සම ප්‍රතික්ෂේප කරන මෙන් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සිය ලිඛිත දේශන මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
ෙඅධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත ඉකුත් 2018 මාර්තු 06 වෙනිදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.