
අධික වර්ෂාතව් සමග ගලා ආ මහා ජලකඳ හේතුවෙන් කෙටවල අමුණ පිටාර ගලා තිබේ.
මේ හේතුවෙන් ගම්පහ නගරය ඇතුළු පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇත.
දුම්රිය මාර්ගය අවට ද ජලයෙන් යටවී ඇති අතර දුම්රිය ප්‍රමාදයක් ද පවතින බව දුම්රිය මගීහු පවසති.
ගම්පහ රෝහලට අවට අඩි කීපයකින් ජලයෙන් යටවීම නිසා අවට පදිංචිකරුවන් දැඩි අපහසු තාවයට පත් ඇතැයි ද දැනගන්නට ඇත. ගම්පහ යක්කල මාර්ගය ජලයෙන් යටවීම නිසා ගමනා ගමනය සම්පූර්ණයෙන්ම පාහේ අඩපන වී ඇත.
මාර්ග ජලයෙන් යටවීම නිසා ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇන හිට ඇතැයි ද දැනගන්නට ඇත
(ඡායාරූප: උපාලි රණවීර)




