
(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පත් කරනු ලැබ තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ආචාර්ය අජන්ත ද සිල්වා මහතාට නව අධ්‍යක්ෂ ජනරාල් ධුරය පිළිබඳ පත්වීම් ලිපිය අද (30 )ප්‍රදානය කළේය.
ආචාර්ය අජන්ත ද සිල්වා මහතා මීට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙස කටයුතු කළේය.
මෙි අතර එප්පාවල පොස්පේට් සමාගමේ සභාපති ලෙස සුජිව ඉන්ද්‍රජිත් කරුණාසිංහ මහතා පත්කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

