කෘෂිකර්ම ගොඩනැගිල්ලේ බදු ගිවිසුම අමාත්‍යංශයේ නෑ


(බිඟුන් මේනක ගමගේ)

ආන්දෝලනයට තුඩු දී ඇති කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ගොඩනැගිල්ලට අදාළ බදු ගිවිසුම මේ වනවිට අමාත්‍යංශය සතුව නැතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් “ලංකාදීප”යට පැවැසීය.

විවිධ පාර්ශවවලින් කෙරුණු පැමිණිලි මත පරීක්ෂණ සඳහා අල්ලස් කොමිසමෙන් එය රැගෙන ගොස් ඇතැයි ද එහි කිසිදු පිටපතක් අමාත්‍යංශය සතුව නැතැයි ද ඔහු කීවේය.

මසකට රුපියල් ලක්ෂ 210 ක බදු කුලියක් ගෙවමින් පවතින මෙම ගොඩනැගිල්ල තවමත් කෘෂිකර්ම අමාත්‍යංශයට බාර දී නැති අතර ගිවිසුම අස්සන් කර මේ වනවිට වසර එකහමාරකට අධික කාලයක් ගතව තිබේ.