(බිඟුන් මේනක ගමගේ)
කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ (බී.ජේ.පී ටවර්) බදු ඔප්පුව අමාත්‍යාංශය සතුව නැති බවට එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කළ දැනුම්දීම ගැන තමා සොයා බලන්නේ යැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා ලංකාදීප යට පැවැසීය .
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලංකාදීප මාධ්‍යවේදීන් මෙම ගොඩනැගිල්ලේ බදු ඔප්පුව ඉල්ලා සිටීමේදී එය අල්ලස් කොමිසමට දුන් බවට අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කළ දැනුම්දීම සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදීය.
එවැනි ලේඛනයක් අමාත්‍යාංශයේ අනිවාර්යයෙන් තිබිය යුතු යැයි කී හෙතෙම කෘෂිකර්ම අමාත්‍යාංශය යනු පෙට්ටි කඩයක් නොවන්නේ යැයිද අවධාරණය කළේය .
ඒ අනුව මේ සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා මාධ්‍යවේදීන්ට අවශ්‍ය තොරතුරු ලබාදීමට තමා මැදිහත් වන්නේ යැයි ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය .