(ඥානසිරි හෙට්ටිආරච්චි)
මෙවර අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව 1 සහ 2 ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් ඊයේ දින අත්අඩංගුවට ගත් මොරටුව මහා විද්‍යාලයේ විභාග ශාලාධිපතිනිය ලබන 2 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නයෝමි වික්‍රමරත්න මහත්මිය නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් වූයේ මොරටුව මහා විද්‍යාලයේ විභාග ශාලාදිපතිනිය දිනේෂා විරත්තනී නමැත්තියකි
මෙම විභාග ප්‍රශ්න පත්‍ර පිට කිරීම සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් බාරයේ සිටින අම්පාර ඩී.සේ.සේනානායක විදුහලේ කෘෂි විද්‍යා ගුරුවරයා සහ සහ කාර්යාල කාර්ය සහායකායද අද අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් ද ලබන 2 වැනි දා තෙක් රිමාන් බාරයට පත් කරනු ලබුවාය.
එසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ දමින්ද ලක්මාල් නමැති ගුරුවරයා සහ සුමුදු චින්තන යන දෙදෙනෙකි.

