
(යොහාන් භාසුර)
එළවළු, බඩ ඉරිඟු සහ ධාන්‍ය වැනි වගාවන්වල අවශ්‍යතාව මත කෘෂි රසායන පෞද්ගලික අංශය හරහා ආනයනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (22) අනුමැතිය දුන්නේය.
හරිත කෘෂිකර්මාන්තය තව දුරටත් රජයේ ප්‍රතිපත්තිය බව කී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රජය කිසිවිටක එම ප්‍රතිපත්තියෙන් බැහැර නොවන බව ද සඳහන් කළේය.
අවශ්‍යතාව මත රජයේ මැදිහත්වීමෙන් තොරව කෘෂි රසායනික ද්‍රව්‍ය පෞද්ගලික අංශය මගින් ආනයන කළ හැකි බව ද කී ජනාධිපතිවරයා පැවසුවේ රසායනික පොහොර හෝ කෘෂි රසායන රජයේ සහනාධාර වැඩපිළිවෙළ යටතේ කිසිවිටෙකත් ලබා නොදෙන බවත්ය.
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (22) පෙරවරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ පැවසීය.
කාබනික පොහොර භාවිතය සහ රසායනික පොහොර තහනම් කිරීම මත රට තුළ ඇතිවී තිබෙන ව්‍යාකූල තත්වයට විසදුමක් ලබාගැනීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්‍ෂ යන මහත්වරු ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

