(නාලක සංජීව දහනායක)
කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් ආයතන තුනකට සභාපතිවරුන් පත්කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අද (14) අනුමැතිය ලබාදී තිබේ.
අමාත්‍යංශයට ආයතන හතක් අයිති අතර ඉන් ආයතන තුනක් සඳහා සභාපතිවරුන් පත්කර තිබේ.
ඒ අනුව ආහාර ප‍්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් ලංකා ජලඡීවි වගා සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නීතීඥ උපාලි මොහොට්ටි , සීමාසහිත ලංකා පොහොර සමාගමේ සභාපතිවරයා වශයෙන් හිටපු අමාත්‍යංශ ලේකම්වරයකුවූ අමරනාත් අබේගුණසේකර, කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ලෙස ජගත් පෙරේරා මහතාද පත්කර ඇත.
ඔහු පසුගිය කාලයේදී ලංකා ධීවර සංස්ථාව හා සීනෝර් ආයතනයන්හි සභාපති ලෙස කටයුතු කරමින් එම ආයතන ලාභ ලබන තත්ත්වයට පත්කර ඇත.
ඉදිරි දින දෙක තුළ දී කෘෂිකර්ම හා ගොවිජන සේවා මණ්ඩලය, සීමාසහිත පොස්පේට් ලිමිටඞ්, වී අළෙවි මණ්ඩලය හා හදබිම අධිකාරිය යන ආයතන සඳහා සභාපතිවරුන් හා අධ්‍යක්‍ෂ මණ්ඩල පත්කිරීමට පියවර ගන්නා බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.