(නිමල කොඩිතුවක්කු)
නියඟය පවතින ප‍්‍රදේශවලට විසඳුමක් ලෙස වැසි වලාකුළු වලින් කෘත්‍රිමව වර්ෂාව ලබා ගැනීමේ තාක්ෂණය ඇතුළත් වාර්තාවක් චීන නියෝජිතයන් පිරිසක් විසින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට බාර දෙන ලදී.
සමාජ සුබසාධන හා ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ උපදෙස් මත මෙරට විවිධ ප‍්‍රදේශවල නිරික්ෂණය කිරිමෙන් පසුව එම වාර්තාව සකස් කර තිබේ.
බත්තරමුල්ල වෝටස් ඒජ් හොටලයේ ඊයේ (15) පැවති කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතිය - අගයදාම සංවර්ධන වැඩසටහනේ සමාරම්භක උත්සවය අවස්ථාවේ දී එම වාර්තාව අග‍්‍රාමාත්‍යවරයාට පිළිගන්වනු ලැබීය.
වාර්තාව පිළිගැන්වීමෙන් පසුව එහි ඇති කරුණු සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එම චීන නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි.