කූරීකට්ටුවාන් ධීවර ජැටියෙන් මුහුදු ගිය ධීවරයෝ තිදෙනෙක් අතුරුදන්


 (රොමේෂ් මධුෂංඛ)


යාපනය මුහුදෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු මේ දක්වා නිවෙස් වෙතට නොපැමිණි බවට ඔවුන්ගේ ඥාතීන් විසින් නාවික හමුදාව වෙතට දැනුම් දී  තිබේ.


පසුගිය 26 වනදා කූරිකට්ටුවාන් ධීවර ජැටියෙන් මුහුදු ගමන් ගිය මෙම ධීවරයින් තිදෙනා සහ යාත්‍රාව ඊයේ (27) උදෑසන නිවැසියන්ට දුරකතන ඇමතුමක් ලබා දෙමින් පවසා ඇත්තේ සිය යාත්‍රාවට ගමන් කිරීමට නොහැකි අයුරින් මුහුද රළු වී ඇති හෙයින් ඒ පිළිබඳව නාගදීප නාවික හමුදාවට දැනුම් දෙන ලෙසයි.


අනතුරුව දුරකතන සංඥා සබඳතාව බිඳවැටී ඇති අතර අද(28) වනතුරුත් ඔවුන් පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නොමැත.


කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ සිට මේ දක්වාම ධීවරයින් නැවත නොපැමිණීම මත නාවික හමුදාව අදාල ධීවරයින් සෙවීමේ කටයුතු වල නිරත වන අතරම මුහුදු රල සැඩ වීම හේතුවෙන් අදාල ධීවරයින් අතරමංව ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටියේය.