කූඩ නීතිය 15 සිට අකුරටම


එළවළු හා පළතුරු ආරක්‍ෂා සහිතව ප‍්‍රවාහනය කිරිමේ නීතිය ලබන 15 වැනිදා සිට අකුරටම කි‍්‍රයාත්මක කරන බවත්  ගොවීනට සහන මිලට ප්ලාස්ටික් කූඩ අලෙවි කරන බවත් රජය කියයි. කිලෝ 30ක් ඇසිරිය හැකි කූඩය රුපියල් 500 කටද කිලෝ 35-40 ඇසිරිය හැකි කූඩයක් රුපියල් 637කටද කිලෝ 50ක් ඇසිරි හැකි කූඩයක් 1465කට මිල කැර ඇතැයිද කොටස් වශයෙන් ගෙවා ඒවා මිලට ගත හැකි යැයිද ගොවිජන සේවා ඇමැති එස්. එම් චන්ද්‍රසේන මහතා  පවසයි.