(නිමන්ති රණසිංහ)
කූඨ ලේඛන සකස් කර බලපත‍්‍ර රහිත අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළව වනජීවි දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ විෂය භාරව කටයුතු කළ ලිපිකාරිනියක වූ පි‍්‍රයංකා සංජීවනි සහ වනජීවි දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ (නීති) පැස්කුවන් ෆොන්සේකාලාගේ උපාලි පත්මසිරි යන දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කැස්බෑව අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් නිතිපති උපදෙස් අනුව මෙම සැකකරුවන් දෙදෙනා අද (07) පෙරවරුවේදී අත්අඩංගුවට ගත් බවත්, මෙම සිද්ධියට අදාළවම සමරප්පුලිගේ නිරාජ් රොෂාන් නොහොත් අලි රොෂාන්, යන අය ඊයේ (06) පස්වරුවේදී අත්අඩංගුවට ගත් බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තම්න්තුව සදහන් කරයි.
සැකකරුවන් කැස්බෑව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද නියමිතව ඇත.

