(එස් .ඩි .කොඩිකාර)
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පුද්ගලයකු බව පවසා පුද්ගලයින් 60 දෙනෙකුගෙන් පමණ මුදල් ගරා කාර්යාලයක් පවත්වා ගෙන ගිය පුද්ගලයකු ව්‍යාජ වෛද්‍ය සහතික,ඡායාරූප ,උප්පැන්න සහතික සහ තවත් ලිය කියවිලි තොගයක් සමඟ අද (7) අත්අඩංගුවට ගත් බව කොටවිල පොලීසිය පවසයි.
සැකකරු මාතර සුල්තානාගොඩ ප්‍රදේශයේ පාළු කුරුඳුවත්ක්මැද මෙම කාර්යාලය පවත්වාගෙන ගොස් ඇත.
විශේෂයෙන්ම නීත්‍යානුකූල රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අපොහොසත් වන පුද්ගලයින් මෙම ජාවාරමට හසු වී ඇතැයි පොලිසිය කියයි.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ කරුණු අනුව විවිධ වයස්වල පුද්ගලයන් මෙම ජාවාරමට හසුවී ඇති අතර එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 60,000 ක පමණ මුදලක් ලබා ගෙන ඇතැයිද පැවසේ.

