කුසල් පෙරේරාට ස්ථානය අහිමි වෙයි?


(යොහාන් භාසුර, ලක්නව් නුවර සිට..)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා පැවැති තරග දෙකේදී අසාර්ථක වූ ආරම්භක පිතිකරු කුසල් පෙරේරාගේ ස්ථානයට ටෙස්ට් පිලේ නායක ජේෂ්ඨ පිතිකරු දිමුත් කරුණාරත්න කැඳවීමට තීරණය කර ඇති බව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව පවසයි.
කෙසේ වෙතත් දිමුත්ට ආරම්භක පිතිකරු ස්ථානයක් හිමි වනවාද නැද්ද යන්න ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගය ආරම්භ වීමට පෙර හෙට පස්වරුවේ තීරණය කරන බවත් දිමුත්ට වෙනත් ස්ථානයක්  ලැබේ නම් ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුවේ වෙනසක් විය හැකි බවත් තේරීම් කමිටුව සඳහන් කරයි.
කුසල් පෙරේරා පළමු තරගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 7 කට ද, දෙවන තරගයේදී පාකිස්තානයට එරෙහිව ලකුණු නොලබා ද, දැවී ගියේය.