කුවේට් රෝස මලේ දරුණු කටු ඇත


( කේ.ජි සුදර්ශනි සිල්වා මහත්මිය ) කුවේට් එන අයගෙ ජිවිතේ ගැටෙන අභියෝග ඔබ දන්නවාද?

කෙනෙක් රට යනවා කියන්නේ තමන්ගේ අඩු පාඩු සියල්ලකටම විසදුමක් බව හිතන බොහෝ අයගේ ජිව්තේ ළග ඉතිරෙන්න ගන්නේ කදුළු කැට පමණි. ජිව්තේ ජය ගන්න හදන මේ යුවතියන් රැ අලූයම තෙක් නිදි මරාගෙන වැඩ අවසන් කළත් ගෙහිමියන් සතුටු වන්නේ නැත.

අන්ත දුක් ගැහැට විඳගෙන ගුට් බැට කා ගෙන ඉවසිය නොහැකි අවස්ථාවේ ගෙදරින් පැන යයි. මොළේ ඇති අය එම්බසියට යති. මොළේ නැති අය පිටින් හිතවතුන් හදුනාගෙන ඒ අයත් සමග අයුතු සබදතා ඇති කරගෙන ආදරේ සුන්දරත්වය සොයා යති.

විසා නොමැතිව මේරට එවන් යුවතියෝ විශාල සංඛ්‍යාවක් ජිවත් වෙති. තමන්ගේ අතින් විසා ගහගෙන මුදල් සොයන්නට වේහෙසෙන බොහෝ දෙනකුට අද අත් වි ඇත්තේ මෙවැනි ඉරනමකි.

හැදුනුම්පත තමන්ගේ ජිවිතේ වැනිය. එය අතේ තියාගෙන යනවා කියන්නේ ජිවිතේ අතේ තියාගෙන යනවා වගේය.

දැන් එය අතේ තිබුනත්  මෙම රටේ ගනන් නොගනියි.

මිට මාස කිහිපයකට උඩදි පිට වැඩ කරන සියල්ලන් දුටු තැන සිර භාරයට ගෙන ලංකාවට යවයි. අවුරැද්දකට ඩිනර් 300ක් රැපියල් 140000 පමණ මුදලක් කුවේටි බාබා හො මාමා විසා එක විකුණයි. සමහරැ අවුරැද්දක් යන්නට මත්තෙන් මාසෙන් දෙකෙන් විසා කපා නැවතත් වෙනත් කෙනෙකුට එලෙසම විකුණයි.

බලාගෙන ගියාම සාගරේ වගේ ධනවතුන් අතරේත් අහිංසක දුප්පත් මිනිසුන්ගේ ඩිනාර් සුරගෙන කන සොරැන්ගෙන් පිරි ඇත. පාරට බැහැලා ගෙට ගොඩ වෙන තුරු පන බයේ හිඳීන්නට සිදුව ඇත. ගෙවල් පරික්ෂා කරන්න එන ආරංචිය පැතිර යද්දි රැට නින්දක් නොමැතිව ඇහැරිගෙන බියෙන් සිටින්නට සිදුව ඇත. එල් ටි ටි කාරයොන්ට බයේ හැංගුණු යුගය මෙන් බිහිසුණු හැඟීමකින් හිත කැළඹෙයි.

රටේ ජනතාව වැඩිනම් කුමකටද තව අයට විසා දෙන්නේ. විසා දෙන නිසා නොවේද විසා මිල දි ගන්නේ. මේ සියලු අභියෝග මැද , මැද පෙර දිග සේවයේ නියැලේන මිනිසුන්ගේන් ලැබේන ඉසුරැ වලින් රටට මහත් මේහෙවරක් ඉටු කරන මේ ජිව්ත ගැන මිට වඩා සැලකිල්ලක් දැක්විය යුතුය.