කුවේට් යන ශ්‍රමිකයන්ට අනිවාර්ය රක්ෂණයක්


(මනෝජ් හර්ෂික)
 
කුවේට් රාජ්‍යයේ ගෘහස්ථ රැකියා ස
හා පිටත්ව යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සහා එරටෙහි ක්‍රියාත්මක වන රක්ෂණ යෝජනා ක්‍රමයක්  ජූනි මස 03වන දින සිට හඳුන්වා දී ඇත.
 
කුවේට්හි ගෘහාශ්‍රිත රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් සදහා මෙම රක්ෂණාවරණය විදේශ රැකියා ඒජන්සියක් මගින් හෝ ස්වයං මාර්ගයෙන් විදේශගත වීමේදී ද අනිවාර්යෙන් ලබා ගත යුතු වේ.
 
සේවකයා බඳවාගනු ලබන එරට හාම්පුතා විසින් (GIRI) Gulf Insurance and Reinsurance රක්ෂණ සමාගම විසින් මෙම රක්ෂණාවරණය විදේශ ගතවන පුද්ගලන් සඳහා ලබා ගත යුතුය.
 
මෙමගින් කුවේට් රටේ දී ශ්‍රි ලාංකික ශ්‍රමිකයන්ට සිදුවන පුද්ගල අනතුරු, අසනීප තත්ත්වයන්, නැවත හරවා එවීම් හා මරණය වැනි අවස්ථාවලදී රක්ෂණ ප්‍රතිලාභ හිමි වේ.

ශ්‍රමිකයින් රැකියාව සඳහා යාමට පෙර කුවේට් තානාපති කාර්යාලයේදී රැකියා ගිවිසුම අත්සන් කරන විට මෙම රක්ෂණය තිබීම අනිවාර්ය වේ.

විදේශ රැකියාවට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමේදී රැකියා ගිවිසුම සමග මෙම රක්ෂණ ඔප්පුව ඉදිරිපත් කිරීමද අනිවාර්ය වන අතර මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ සියලුම විදේශ ගතවන්නන් දැනට ක්‍රියාත්මක “සහන” රක්ෂණාවරණයට අමතරව බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.