කුවේට් - කොළඹ ගුවන් ගමන් මැයි 1 සිට


ශ්‍රී ලංකා ගුවන් සේවය මැයි පළමුවැනි දා සිට දිනපතා කෙලින්ම කොළඹ - කුවෙට් ගුවන් ගමන් අරඹයි. දිනපතා පස්වරු 21.55ට කුවේට් නුවරින් පිටත්වී උදේ 6.15ට කොළඹට ළඟාවෙතියි කලාපීය  කලමනාකරු ලාල් පොරේරා කුවේට් ටයිම්ස් පත්‍රය සමග කීවේය. දැනට කුවේට් - ඩුබායි - කොළඹ ගුවන් ගමන් නතර කරන නමුත් ඩුබායි කොළඹ ගුවන් ගමන් දිගටම පවතින බව ද ඔහු සඳහන් කෙළේය.  කුවේට් කලාපයේ පොහොසත්ම රටකි. මැද පෙරදිගින් ශ්‍රී ලංකාවට එන සංචාරයකයන්ගේ ගණන සියයට 42කින් වැඩි වී ඇතැයි පෙරේරා මහතා පැවැසීය.  2011දී සංචාරකයන් 5359 දෙනකු ශ්‍රී ලංකාවට ආ අතර මේ වසරේ 7625 දෙනකු ආ බව ද ඔහු කීය.