කුවේටයේ ලක් සිරකරුවන්ගේ දඬුවම ලංකාවේදී ගෙවන ක්‍රමයක් ඉල්ලයි



 
 සුජිත් හේවාජුලිගේ 
 
 කුවේට් රාජ්‍යයේ සිටින ශ්‍රි ලංකීක සිරකරුවන් 151 දෙනකු ඔවුන්ට ඉතිරිව ඇති සිර දඬුවම් කාලය ශ්‍රි ලංකාවේදී ගත කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය මාර්ගයෙන් අධිකරණ අමාත්‍යංශය ඉල්ලිමක් කර ඇත.
 
ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරගෙන යන බව අධිකරණ අමාත්‍යංශය පවසයි.
 
මේ අතර ශ්‍රි ලංකාවේදී වරදකරුවන්වී සිර දඬුවම් විදින ඉන්දීයානුවන් තිදෙනකු එරටදී ඉතිරි සිර දඩුවම් කාලය ගත කිරීමට ඉන්දීයානු රජය කළ ඉල්ලිමක් අනුව අධිකරණ අමාත්‍යංශය ඒ කටයුතු සලසා දී ඇත.