කුලිපදනම මත ගත් වාහන විකුණලා


කුලී පදනම මත ලබාගත් වාහන එහි ලිපිලේඛන වෙනස් කර අලෙව් කළ කල්ලියක 6 දෙනකු සමග රුපියල් කෝටි 2ක ආසන් මෝටර්රථ, කුඩා ලොරි, ජීප් රථ කිහිපයක් ද සමග අත්අඩංගුවට ගත් බව මිරිහාන් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි. සැකකරුවන් කඩවත ගම්පොළ, බොරැල්ල ආදී ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. ඇතැම් වාහනවල වර්ණය ද වෙනස් කර තිබූ බව ද පොලිසිය පවසයි.