කුරුසියේ තබා දෙදෙනකුට ඇණ ගැසූ කපුවා රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ සහ ජේ.ඒ.එල්.ජයසිංහ)

පැහැරගත් පුද්ගලයන් දෙදෙනකුට ඇම්පිටිය ප්‍රාදේශයේ කඳුමුදුනකට රැගෙන ගොස් ලීවලින් තැනූ කුරුසයක තබා ඇණ ගැසූ බව කියන කපුවා ලබන 9 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි  තෙල්දෙණිය මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු  එල්.ජී. ප්‍රනාන්දු මහතා නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබුවේ වෙත්තසිංහ ආරච්චිලාගේ  දුෂ්මන්ත සුජිත් කුමාර (34) නමැති පුද්ගලයෙකි.