(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර කොළඹ ප‍්‍රධාන පාරේ කුරුවිට, පුස්සැල්ල ප‍්‍රදේශයේ දි අද(26) ති‍්‍රරෝද රථයක් හා බවුසරයක් ගැටී සිදුවූ අනතුරකින් ත‍්‍රිරෝද රථයේ ගමන් කළ තිදෙනෙක් ජීවිතක්‍ෂයට පත්ව එක් අයෙක් බරපතල තුවාල ලබා ඇතැයි කුරුවිට පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ පිරිමි දෙදෙනෙක් සහ කාන්තාවකි. තුවාල ලැබූ අයෙක් රත්නපුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබයි.
අනතුරට පත්ව ඇත්තේ කොලොන්න පොලිස් බල ප‍්‍රදේශයේ උල්ඉඳුවාව ප‍්‍රදේශයේ පිරිසක් බවත් ඔවුන් කොලොන්නේ සිට පරකඩුව බෝධිමළුවේ ඥාති ගෙදරකට ගිය පිරිසක් බවත් පොලිසිය කියයි.
ත‍්‍රිරෝද රථය පාරේ දකුණට බරව පැමිණෙන විට ඊට ඉදිරියෙන් ආ බවුසරය ත‍්‍රිරෝද රථයේ ගැටීම වළක්වා ගැනීමට බවුසරයේ දකුණු පැත්තට ගැනීමේ දී ත‍්‍රිරෝද රථය ද එම පැත්තටම ගැනීම නිසා මුහුණට මුහුණලා ගැටී අනතුර සිදුව ඇතැයි සිද්ධිය දුටුවෝ පවසති.

