කුරුලු වෙළෙන්දා පෝදා ලොකු පිංකමක් කරයි


අද ඇසල පෝ දිනයයි. නුගේගොඩ, හයිලෙවල් පාරේ දෙල්කඳ ආසන්නයේ කුරුල්ලන් විකුණන්නෙකි. කුඩා කුරුල්ලන් රාශියක් ඉතාමත් සීමිත ඉඩක් ඇති කූඩුවක සිර කර පාරේ යනඑන අයට විකුණයි. 

නීතිය සමච්චලයට ලක් කරමින් මේ ආකාරයෙන් සිදුකරන වෙළඳාම පොලිස් නිලධරයන්ගේ ඇස් වසා සිදුකරනු එසැණ කැමරාවට හසුවිය.

කුරුල්ලන් මිලදී ගැනීමට එන තැනැත්තකුට කුරුල්ලකු අලෙවි කළේ කඩදාසි බෑගයක දමා වෙළඳපොළෙන් හාල් සීනි ගන්නා ආකාරයටය.

සියලු සත්ත්වයන්ටම කරුණාව පැතූ බුදුන් වහන්සේගේ ගුණ සිහිපත් කෙරෙන ඒ වෙනුවෙන් සිල් ගුණදම් රකින අද වැනි පොහෝ දිනයක මෙවැනි වෙළෙන්දන් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මහා මාර්ගයක දෙනෝ දාහක් ඉදිරියේ සිදුකරන මෙම ජාවාරම් පිටුපස සිටින අය කවුරුන්දැයි කාටත් ගැටළුවක් වී ඇත.

සැලලිහිණියන්, කොබෙයියන්, කහ කුරුල්ලන් වැනි කුරුල්ලන් විකිණීම නීතියෙන් තහනම් කර ඇත. බොහෝ කුරුල්ලන් විකිණීමේ තහනමක් නැතත් පොලිසිය පවසනුයේ සත්ව හිංසාව යටතේ ඔවුනට එරෙහිව නීති මගින් ක්‍රියා කළ හැකි බවයි.