කුරුඳු හොරු අකුරැස්සෙන් හමුවෙති


මහරගම දේවාල පාරේ කුරුඳු ගබඩාවකට පසුගිය තුන් වැනි දා ඇතුළු වූ කණ්ඩායමක් එහි මුරකරු බැඳදමා සොරාගත් කුරුඳු තොගය සැකකරුවන් සිවු දෙනකු  සමග අකුරැස්ස මාලිම්බඩ ගබඩාවකින් අල්ලා ගත් බව මහරගම පොලිසිය කියයි. අපනයනයට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 58 පමණ වටිනා කුරුඳු තොගය සොයාගෙන ඇත්තේ එවැනි ම අපනයන සමාගමකට අයත් ගබඩාවකිනි. අත් අඩංගුවට ගත් අය අතර එම ගබඩාවේ  දෙදෙනකු ද සිටින බව පොලිසිය පවසයි.

DSC09772[1] DSC09783[1] DSC09796[1]