(පුෂ්පකුමාර ජයරත්න)
වසංගතයක් ලෙස පැතිර යන ඩෙංගු උණ රෝගයට කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ගොදුරු වී සිටිම හේතුවෙන් රෝගී ප්‍රතිකාර කටයුතු පවත්වාගෙන යාමේ බරපතල ගැටළුවට රෝහල් බලධාරීන් මුහුණ පා සිටින බව වාර්තා වේ.
මේ හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර කටයුතු වලට සහය වීම සඳහා යුද හමුදා සාමාජිකයන් පනහකට ආසන්න පිරිසක් යොදවා සිටිති.
ඩෙංගු උණ රෝගයට ගොදුරුව සිටින පිරිස අතරේ රෝහල් මණ්ඩලයේ වෛද්‍යවරුන්,හෙද හෙදියන්,සාත්තු සේවා සහයකයන් සිටින බව පැවසේ.

