කුරුණෑගල මහා නගර සභාවේ අර්බුදකාරී තත්ත්වයක්


(පුෂ්පකුමාර ජයරත්න)

පළාත් පාලන මැතිවරණයේදී කුරුණෑගල මහා නගර සභාවට ලැබී ඇති ප්‍රතිඵලය හේතුවෙන් බලය පිහිටුවීමේ අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇතැයි ආරංචිමාර්ග පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභිකයින් අට දෙනකු ,එක්සත් ජාතික පක්ෂයට සභිකයින් අට දෙනකු ලෙස සමානව සභිකයින් පත්වී සිටීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇත.

මෙම ප්‍රතිඵලයට අනුව පොදුජන පෙරමුණ එජාපයට වඩා වැඩි ඡන්ද 96කින් කුරුණෑගල මහ නගර සභාව ජයග්‍රහණය කර තිබුණද එජාපය පොදුජන පෙරමුණට වඩා එක් ඡන්ද කොට්ඨාසයක් ජයග්‍රහණය කර තිබේ.මේ අනුව එම පක්ෂයේ මැතිවරණ ප්‍රතිඵලය එක සමාන මට්ටමක පවතී.

මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට සභිකයින් තිදෙනකුද ,ජනතා විමුක්ති පෙරමුණට එක් සභිකයකුද අඛිල ඉලංගෙයි මහජන කොංග්‍රසයට එක් සභිකයකුද හිමිවී තිබේ.

එජාපයට හෝ පොදුජන පෙරමුණට කුරුණෑගල මහා නගර සභාවේ බලය හිමි කරගැනීමටනම් මෙම පක්ෂවල සහය ලබාගැනීම අනිවාර්ය වේ.