( රංජන් කස්තුරි)
මේ වසරේ සිට අලුතින් ආරම්භ කළ වයඹ විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයට ශික්ෂණ රෝහල ලෙස කුලියාපිටිය රෝහල භාවිත කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ විශේෂඥ වෛද්‍යවරු දැඩි විරෝධය පළ කරති.
වයඹ පළාතේ ප්‍රධාන නගරය වන කුරුණෑගල පිහිටි මහ රෝහල විශේෂිත පහසුකම් සහිත රෝහලක් වන හෙයින් එය ඉතා පහසුවෙන් ශික්ෂණ රෝහලක් ලෙස භාවිතයට ගත හැකි යැයිද එසේ නොකර කුලියාපිටිය මුලික රෝහල ශික්ෂණ රෝහලක තත්ත්වයක් බවට පත් කිරීම අත්‍යවශ්‍ය දෙයක් දැයි කුරුණෑගල මහ රෝහලේ ළමා රෝග විශේෂඥ දයානන්ද බණ්ඩාර මහතා පැවසීය.
කුලියාපිටිය රෝහල ශික්සණ රෝහලක තත්ත්වයට උසස් කළද මාර්ග පහසුකම්,පාසල් හා වෙනත් යටිතල පහසුකම් නැති හෙයින් ආචාර්යවරුන් හා මහාචාර්යවරුන් රඳවා ගැනීමේ ගැටළු මතුවන බවද එම නිසා වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපනයට ඉන් හානියක් වන බවද විශේෂඥ වෛද්‍ය බණ්ඩාර මහතා කීය.
කුරුණෑගල මහ රෝහලේ විශේෂිත පහසුකම් අතර තැලසිමියා ,පර්යේෂණ ඒකකය වන අතර ශ්‍රී ලංකාවේ රෝහලක තිබෙන එකම ඒකකය බවද ඔහු පැවසීය.