කුරුණෑගල දිසාපති වැසූ දොර මැකෝ අරී


මහ මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයන් නාමයෝජනා බාර දීම අවාරණය කිරීමට කුරණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයට ඇතුළුවීම අද උදේ (13) මාධ්‍යවේදීන්ට තහනම් කැරිණි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ  ඉදිරිපිටට ආ නිලධාරියකු කීවේ ඉහළ නියෝගයක් අනුව මාධ්‍යවේදීන්ට ඇතුළට යෑමට ඉඩ නොදෙන ලෙස දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ගාමිණී ඉලංගසිංහ මහතා පැවසූ බවයි.

මාධ්‍යවේදීන් ඒ ගැන කොළඹ මැතිවරණ කොමසාරිස් කාර්යාලයයට පැමිණිලි කළ පසු කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් සේනාරත්න මහතා පැමිණ මාධ්‍යවේදීන් කච්චේරියට කැඳවාගෙන ගියේය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති නාමයෝජනා දීමට නියමතව ඇත්තේ ද කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයටය.