( දිල්රුක්ෂි ග්‍රේරු )
කුරුණෑගල දිසාබාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ කොට්ඨාසබාර පොලිස් අධිකාරීවරයා ස්ථානමාරු කිරීමට තීරණය කළ බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිලධාරියෙක් පැවසීය.
කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ත්‍රිකුණාමල දිසාවබාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත් මහින්ද දිසානායක මහතා කිලිනෝච්චි කොට්ඨාසභාර නිලධාරියා ලෙසත් ස්ථාන මාරු කිරීමට කොමිෂන් සභාවේ අනුමැතිය ලබා දී ඇතැයි එම නිලධාරියා සඳහන් කළේය.
මෙම නිලධාරීන් කුරුණෑගල ප්‍රදේශයේ සිටීමෙන් ,කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු ෂිහාබ්දීන් මොහොමඩ් සාෆි මහතා සම්බන්ධ විමර්ශනයට බාධා ඇති වේ යැයි පවසමින් වැඩබලන පොලිස්පතිවරයා විසින් පසුගිය 27 වැනිදා කළ ඉල්ලීමක් අනුව මෙම ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

