කුරුණෑගල- හබරණ යෝජිත දුම්රියමඟේ ඉදිකිරීම් අත්හිටුවයි


(කාංචන කුමාරාරියදාස)

කුරුණෑගල සිට  හබරණ දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඉදිකිරීම් සඳහා ජනතාවගෙන් ලබා ගත් ඉඩම් නැවත ජනතාවට භාර දීමට රජය තීරණය කොට ඇතැයි දඹුල්ල ප්‍රාදේශීය ලේකම්  පියල් ජයසූරිය මහතා පැවසීය.
 වසර 17 ක කාලයක සිට  කුරුණෑගල සිට හබරන දක්වා දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා ඉඩම්   අත්පත් කර ගැනීම වාර්තා සැකසීම   ව්‍යාපෘති වාර්තා සැකසීම මෙන්ම  පදිංචිව සිටි ජනතාවට ඉඩම් සංවර්ධනය කිරීම ඉදිකිරීම් ආදී  නවතා තිබුණි.
 ඒ අනුව ජනතාව වසර ගණනාවක් තිස්සේ අපහසුතාවයට පත්ව සිටි අතරේ  මෙම දුම්රිය  මාර්ගයේ වර්තමාන තත්වය  පිළිබඳව  දඹුල්ල  ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතාගෙන්  විමසීමේදී මෙම මේ බව සඳහන් කළේය.