කුරාම් ෂෙයික් ඝාතන ඇපෑල විභාගයට


තංගල්ල  ද නේචර්  හෝටලයේදී රතුකුරුස නියෝජිත බ්‍රිතාන්‍යය ජාතික ෂෙයික් කුරාම් ඝාතනය කර ඔහුගේ රුසියා පෙම්වතිය සමූහ දූෂණයට ලක්කොට වරදකරුවන්වී දඬුවම් විඳින තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු වැරදිකරුවන්ට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වාවූ සිර දඬුවම් නියම කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ගොනු කළ ඇපෑල ලබන අප්‍රේල් 28 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද(22) තීන්දු කළේය.

තවද මහාධිකරණය තමාට පැනවූ වසර 20 ක සිර දඬුවම ඉවත් කොට තමන් නිදහස් කරන්නැයි ඉල්ලා තංගල්ල හිටපු ප්‍රාදේශීය සභාපති ඇතුළු වැරදිකරුවන් ගොනු කළ ඇපෑලද එදිනට විභාගයට ගැනීමට  අධිකරණය තීන්දු කර ඇත.

මෙම ඇපෑල් කුමුදිනී වික්‍රමසිංහ සහ එච්.එන්.ජේ.පෙරේරා යන විනිසුරුවරුන් හමුවේ කැඳවිණි.