කුරහන් වගාව සරුයි


ගල්කිරියාගම මිරිහංපිටිගම හා කිරිඳිවත්ත ඇතුළු ප්‍රදේශවල මෙවර සරු කුරහන් අස්වැන්නක් ලැබූ බව ගොවියෝ කියති.

තෙල් පොහොර නොයොදා කුරහන් වගා කරන නිසා හොඳ ඉල්ලුමක් ඇති බව එම් බී විමලසූරිය ගොවි මහතා කියයි.

කුරහං කිලෝවක තොග මිල රුපියල් 120ත් 130ත් අතර වේ.

ඉන්දියාවෙන් ද කුරහන් ආනයනය කෙරේ.

කොළඹ කුරහන් කිලෝවක මිල රුපියල් 250 ඉක්මවයි.