රිදීමාලියද්දේ යල්වෙල උල්ගිරිය ඔය රක්ෂිතයේ වසර ගණනක් පැරණි විශාල කුඹුක් ගස් හතක් කපාගෙන ගොස් ඇතැයි වනජීවී ආරංචි මාර්ග කියයි.
දේශපාලනඥයන්ගේ හා ඇතැම් නිලධාරීන්ගේ සහාය ඊට ලැබෙන බව ප්‍රදේශවාසීහු කියති.
අඩවි වන නිලධාරී රොෂාන් වීරසුන්දර මහතා පැවසුවේ එවැනි සිද්ධියක් වාර්තා වුවත් ගස් කැපූ ස්ථානය සොයා ගත නොහැකි වූ බවයි.

