කුමාර ජයකොඩි රකින්න ජනාධිපති උත්සහ කළා


(යොහාන් භාසුර)

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට තෙවරක් පැමිණ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා රැක්ක බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (20) පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ අද (20) පැවති නව අවුරුද්දේ වැඩ ආරම්භ කිරීමට එක්වෙමින් මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා එසේ පැවසීය.

නාමල් රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය. ”අපි හැමදාම විශ්වාස කරන දෙයක් තියෙනවානේ මේ ආණ්ඩුවට ජනතාව ඡන්දෙ දුන්නේ එක හේතුවක් මත. ආණ්ඩුව ලවා ජනතාවගේ අවශ්‍යතාවයන් අපි ඉටු කරන්න ඕනි. ආණ්ඩුව බලෙන් ගිහින් ගෙනල්ලා වාඩි කරපූ ආණ්ඩුවක් නෙවෙයි ඡන්දයෙන් පත් වුණේ අසීමිත පොරොන්දු දීලා. අද ඒ ආණ්ඩුවට පොරොන්දු කඩ කරන්න අයිතියක් නෑ. ඒ හින්දා ජනතාවට වෙච්ච පොරොන්දු ආණ්ඩුව ඉෂ්ඨ කරන්න ඕන. දැන් කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි තියෙනවා කියලා ජනාධිපතිවරයා ඇවිල්ල පාර්ලිමේන්තුවේ කිව්වනේ. හැබැයි අද වෙනකොට මොකක්ද වෙන්නේ එක ඇත්තකින් ගල් අඟුරු වංචාව අනික් පැත්තෙන් පුනර්ජනනීය විදුලිය වසලා පුනර්ජනනීය විදුලිය උත්පාදනය කරන ආයතන වහල දාලා තනිකර ඩීසල් මාෆියාව මේ රටේ අරගෙන යන්න ආණ්ඩුව කටයුතු කරනවා. ඒක තමයි මේ ආණ්ඩුවේ සැලැස්ම ඒ වංචාව පිළිබඳවත් ඉතිරි කාලසීමාවේ රට දැන ගනී. අපි මීට පෙරත් අපි පක්ෂයේ දේශපාලන මණ්ඩලයෙන් තීන්දුවක් ගත්තා මෙවර පෝය දිනයක් හින්ද මැයි දිනය අපි වෙනදා රැලියක් ආකාරයෙන් සමරන්නේ නෑ කියන කාරණය අපේ ටී බී ඉලංගරත්න මහත්මයාගේ පිළිරුව ඉදිරිපිට මැයි දිනය කම්කරුවන් වෙනුවෙන් දිනයක් බවට පත්කරනවා ඒ වගේම තමයි ලංකාවේ ආගමික සිද්ධස්ථාන වල කම්කරුවන්ට ආශිර්වාද කරලා ආගමික වතාවත් කටයුතු කරන්න අපි කටයුතු කරනවා” යැයි ඒ මහතා පැවසීය.

“අපි බලාගෙන ඉන්නවා සාධාරණව පරීක්ෂණයක් සිද්ධ වෙනවද කියලා පැහැදිලිවම මේ ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් රට දැනගෙන ඉන්නවා විගණකාධිපතිවරියගේ වාර්තාව දිහා බැලුවම ඒක වංචාවක් බව පේනවා. ඒ වගේම තමයි ගල් අඟුරු සම්බන්ධයෙන් ලැබ් රිපෝට් එක ගත්තත් බොරු වාර්තාවක් දීලා තියෙන්නේ ඉතින් මේවා හංගන්න බෑ හැබැයි දැන් අපි බලන් ඉන්නවා ඇමතිවරයා ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබීනට් මණ්ඩලය ඒ වගකීම බාරගන්නවද එහෙම නැත්තං ඔවුන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරුණු නිලධාරීන් මත වරද දාලා නිලධාරීන්ව අස් කරල දානවද කියල. කලින් අපි දැක්කනේ එහෙම වෙනවා දැන් බන්ධනාගාර කොමසාරිස්වරයා අස් කරා. හැබැයි මානව හිමිකම් එකෙන් එතුමාට සාධාරණයක් ඉෂ්ඨ වුණා. ඒකෙන් ඇමැතිවරයාගේ ආණ්ඩුවේ වැරදි වහගන්න නිලධාරීන්ගේ පිට වැරදි පටවනවා අවසානයේ මොකක්ද වෙන්නේ.අපට විශ්වාසයි සාධාරණයක් ඉෂඨ වෙනවා දැන් මේකෙත් අපි බලන් ඉන්නවා ජනාධිපතිවරයා මේකට වගකියන්න ඕන ජනාධිපතිවරයා පත්කරේ මෙයාව දැන දැනමයි. ඒ විතරද පාර්ලිමේන්තුවට ඇවිල්ලා තුන්පාරක් ආරක්ෂා කරානේ ජනාධිපතිවරයා මේ ඇමතිවරයාව 159 ක් ඡන්ද දීලා ආරක්ෂා කරේ එකසිය පනස් නවයක් පාර්ලිමේන්තුවේ දවසක් වාද විවාද කරලා චන්දෙ දුන්නා. දැන් අපි බලන් ඉන්නවා මොකක්ද වෙන්නේ කියලා නිලධාරීන්ගේ පිට දානවද නැත්නම් ආණ්ඩුවකින් බාරගන්නවද කියලා” නාමල් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.