කුම්බලා මාළු කා විඳවයි


දේශපාලනික පත්වීම් ලැබ විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල තානාපති හා මහ කොමසාරිස් ධූර දැරූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් 57 දෙනකු ලබන පෙබරවාරි 28 වැනි දිනට පෙර කැඳවා ඇත.

විදේශ ලේකම් විසින් ලිඛිතව ඔවුනට දන්වා ඇත.

ඉකුත් කාලයේදී විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල 54ට තානාපතිවරු හා මහ කොමසාරිස්වරුන් ලෙස ශ්‍රී ලංකා විදේශ සේවයෙන් පත්වීම් ලැබුවේ 10කට අඩු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසකි. එම ධූරවලට නිලධාරීන් 57 දෙනකුම යවා තිබුණේ දේශපාලන හිතවත්කම් මතය.