ගම්පොළ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය අසළට කැලි කසළ බැහැර කරතියි කියමින් අද ප‍්‍රදේශවාසීන් එහි කළ උද්ඝෝෂණය පොලිසිය විසින් විසිරැවීය.
ගම්පොළ නගර සභාවේ කුණු අම්බුළුවාව කඳු මුදුනට දැමීමෙන් විශාල පරිසර හානියක් වෙතියි ප‍්‍රදේශවාසීහු පවසති.
ගම්පොළ නගරාධිපති සරත් ගාමිණී හෙට්ටිආරච්චි මහතා කීවේ තාවකාලික විසැඳුමක් ලෙස මෙහි කුණු බැහැර කරන බවයි. ඉදිරියේදී වෙනත් තැනකට කුණු බැහැරලන බවද ඔහු කියයි.
ගම්පොළ පොලිස් නිලධාරියකු එහිදී මාධ්‍යවේදියනට කීවේ මේවා මාධ්‍යයට දානවට වැඩිය හොඳයි. මේ කුණු උඹලාම කාපල්ලා” යනුවෙනි.
